කොළඹ ප්‍රදේශයට ඊයේ 15 දා ඇද හැලුණු වැසි සමඟ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර මේ නිසා දෛනික කටයුතු කරගැනීමට පැමිණි ජනතාවට දැඩි අපහසුතාවන්ට මුහුqණ පෑමට සිදු විය.
කොළඹ නගරයේ බොහෝ කාණුවල සිරවී ඇති කුණු සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු නිසි අයුරින් සිදු නොවීම හේතුවෙන් සුළු වැස්‌සකදී පවා කොළඹ ජලයෙන් යට වන බවට ජනතාව චෝදනා කළහ.
ඊයේ කොළඹ ආමර්වීදිය, කොටුව, දුම්රියපළ ඉදිරිපිට මාර්ගය, තුංමුල්ල බ්ලූමැන්ඩල් පාර, කොළඹ පුරහල ප්‍රදේශය, ඇතුළු මාර්ග රැසක්‌ම වැසි ජලයෙන් යටවී තිබිණි.