Colombo Today Local News

පැන ගිය තවත් කන්දකාඩු රැඳවියන් 366 ක් භාරවෙයි.. මියගිය රැඳවියාගේ දේහය පොලිස් භාරයට

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය තවත් රැඳවියන් 366 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව භාර වූ සමස්ත රැඳවියන් සංඛ්‍යාව 598 ක් දක්වා ඉහළ ගියේ ය.

රඳවියන් සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ රාත්‍රි යළිත් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

කලහකාරී පිරිස, මිය ගිය රැඳවියාගේ දේහය රැගෙන පලා ගොස් තිබූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම දේහය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි.

Related posts

මහා සංඝරත්නයට අපහාස කල තවුහිඩ් ජමාත් රාසික් පොලිසියට

colombotoday

විදුලිබල සැපයුම,ඛණිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

colombotoday

මුසම්මිල් වයඹෙන් ඌවට යවයි – කොල්ලුරේ වයඹට

colombotoday

ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වෙයි… දැඩි රථවාහන තදබදයක්

Admin

මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

colombotoday