Colombo Today Local News

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

පිළියන්දල – හොරණ මාර්ගයේ කැස්බෑව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඇති වැවට බසින ලද පුද්ගලයෙකු දියේ ගිලී තිබේ.

එම පුද්ගලයා වැවට බසින ලද අවස්ථාවේ දී ඒ අවට සිටි පිරිස ඔහුව ගෙඩට ගෙන පිළියන්දල රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එම පුද්ගලයා අවුරුද 32- 40ත් අතර පසුවන්නෙකු බවට සිතිය හැකි නමුත් අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

උඩුකය නිරාවරණය ව තිබූ එම පුද්ගලයා කොට කලිසමකින් පමණක් සැරසී සිට ඇත.

මිය ගිය පුද්ගලයා ඉන්ධන ලබාගැනීමට යතුරුපැදියකින් පැමිණියේ ද ? ත්‍රීරෝද රථයකින් පැමිණියේද? යන්න හා නැත්නම් වෙනත් වාහනයකින් පැමිණියාද? යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

එම පුද්ගලයා මුහුණ සේදීමට හෝ කටයුත්තක් සඳහා පැමිණ සිටියදී වැවට වැටෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Related posts

වල්ගම දියගම පාර කි.මී7ක් පුනරුත්තාපනයට මාලිමාණ්ඩුව කෝටි 244ක් වෙන් කරයි

Admin

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

colombotoday

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

සමන් රත්නායක නැවතත් අධිකරණයට

Admin

ජනපතිගේ ගමන් වියදමට කෝටි 9ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බිරිඳගේ ප්‍රාඩෝ රථය උස්සලා

Admin