Colombo Today Local News

මිලියන 1.5ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙක් අල්ලයි

රුපියල් ලක්ෂ 15කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව පොළ ඉදිරිපිට දී හා වේල්ලවීදිය පොලිස් වසමේ පරණ යෝන්වීදිය ප්‍රදේශයේදී ඊයේ (15)දින වැටලීම් 02 ක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 208 මිලිග්‍රෑම් 890ක්, මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයාගත් 350,000ක්, මෝටර් රථයක්, ජංගම දුරකථන 06ක් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් වයස අවුරුදු 24ත් 41ත් අතර පසුවන කොළඹ සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් හා භණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

Related posts

මාලිමාවේ ඉන්නේ භික්‍ෂුන් වහන්සේලා අනෙක් පක්ෂවල ඉන්නේ චීවරධාරීන්

Admin

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් !

colombotoday

කිරිබත්ගොඩ ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහර දුන් 18ක් අත්අඩංගුවට

colombotoday

නැකැත් නෑ… අධිවේගී මාර්ග මේ අවුරුද්දේ හදන්න වෙන්නෑ – ඇමති කිරිඇල්ල

colombotoday