Colombo Today Local News

“පෝලිම්වල හැඟීම්බරව ආවේග වී සිටින ජනතාවට ඡන්ද මානසිකත්වයක් නෑ” – මැ.කො.ස.

“ජනතාව ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල ඉතාමත් හැඟීම්බරව ආවේගශීලීව සිටින අවස්ථාවක ඔවුන් තුළ ඡන්දයක් පිළිබඳ මානසිකත්වයක් නැහැ”යි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසීය.

නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීමේදී ඒ සඳහා සුදුසු වටපිටාවක් සැකසිය යුතුව ඇතැයි සභාපතිවරයා පෙන්වාදුන්නේ ය.

ඡන්දපොළවල්වල ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇතියි සඳහන් කළ පුංචිහේවා මහතා එම තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතු බවද පැවසීය.

මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ඊයේ (9)දින පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා එසේ සඳහන් කළේ ය.

දැනට පවතින වාතාවරණය ලිහිල් කිරීමේ ඇති අවශ්‍යතාව පෙන්නුම් කළ සභාපතිවරයා මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණය ඇති කළ යුතු බව ද පැවසීය.

මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවට යෝජනා 24ක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ සභාපතිවරයා අන්තර්කාලීන කාලය තුළ අත්‍යවශ්‍ය ප්‍රතිශෝධන පහක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළේ ය.

ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය අවසන් වී 2022 වසරේ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ඔක්තෝබර් 31 වන දා සිදුකිරීමට අපේක්ෂිත බවත් ඊට පෙර මැතිවරණයක් පවත්වන්නේ නම්, ඒ සඳහා 2021 ඡන්ද හිමි නාමලේඛනය යටතේ පැවැත්වීමට සිදුවන බව නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

Related posts

යහපාලන නියමුවන්ට ලඟ ලඟ මරු එන්නේ ඇයි? හේතුව ජෝතිෂ්‍ය ඇසින් විජිත රෝහණ කියයි

colombotoday

සෙනසුරාදා සිට විදුලි සැපයුමේ වෙනසක්

colombotoday

ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබා දෙනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාම කනගාටුදායක තත්ත්වයක් – මහාධිකරණ විනිසුරු

colombotoday

මීලග රාජ්‍ය නායකයා සහ ශ්‍රීලනිප නායකයා මහින්ද අමරවීරයි.. රටපුරා පිළිගැනීමේ උත්සව.. !

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

colombotoday