කොටුගොඩ සීදුව පාරේ සිදුකළ වැටලීමකදී කසළ තේ කිලෝ ග්රෑම් 3900 ක් හා ලොරි රථයක් සමඟ පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ (05)දින රාත්රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුර කියයි.
ජනවාරි 18 වැනිදා ගෝනහේන කඳවුර මගින් අත්අඩංගුවට ගන්නා ලද කසළ තේ උසාවි නියෝගයක් මත විනාශ කිරීමට නියෝග දී තිබියදී හොර රහසේ එම කසල තේ උසාවි නියෝග වලට පටහැනිව නැවත ප්රවාහනය සඳහා සූදානම් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.