Colombo Today Local News

සති තුනේ කිරිකැටියා කෝවිලක් ඉදිරියේ පෙට්ටියක දමා ගිහින් !

දින 20 වයසැති බිළිදෙකු යාපනය ඉලවාලෙයි පොලිස් වසමට අයත් වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට කාඩ්බෝඩ් පෙට්ටියක දමා ගොස් තිබියදී 07 උදෑසන හමුවී තිබෙනවා.

වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට පිහිටි නිවසක ගේටුටුව අසල කාඩ්බෝඩ් පෙට්ටියක් දුටු නිවසෙහි හිමිකරු විසින් අදාල පෙට්ටිය පරික්ෂා කිරීමේදී පෙට්ටිය තුල බිළි‍‍දෙකු දැක ඒ බව ඉලවාලෙයි පොලීසියට දැනුම් දී ඇත.

අදාල දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේදීම අදාල ස්ථානයට පැමිණි ඉලවාලෙයි පොලිස් නිලධාරීන් විසින් කාඩ්බෝඩ් පෙට්ටිය තුල සිටි පිරිමි දරුවෙකු ඉවතට ගෙන එම අවස්ථවේදීම තෙලිප්පලෙයි රෝහල වෙතුට රැගෙන ගොස් ඇත.

තෙලිප්පලෙයි ‍රෝහලේ වෛද්‍ය වරුන දරුවා පරික්ෂා කිරීමෙන් පසුව කියා සිටියේ මෙම බිළිඳා දින් 20 ක පමණ වයසැති දරුවෙකු බවටත් දරුවා නීරෝගිමත්ව සිටින බවටත්ය.

Related posts

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

ඇමති චම්පිකට එරෙහිව පුද්ගලික සහයකයාගෙන් පැමිණිල්ලක්

colombotoday

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී කළ පොලිස් සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 61ක් අත්අඩංගුවේ

colombotoday

ගෙදර ඉදලම බදු ගෙවන්න ජනපතිගෙන් ක්‍රමවේදයක්

Admin

වික්ටෝරියා ජලාශයේ නාඳුනන මළ සිරුරක්

colombotoday

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin