Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවන ජනපති තීදුවට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට  එරෙහිව ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට  ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැතැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට  කියා සිටියේ ය.

නීතිපති ජයන්ත ජයසූරිය විසින් මෙම අදහස් පල කරන ලද්දේ අදාළ පෙත්සම් දෙවැනි දිනටද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කරන අවස්ථාවේදී කරුණු දක්වමිනි.

ජනාධිපතිගේ ක්‍රියාවන් මූලික අයිතිවාසිකම් මගින් අභියෝග කල නොහැකි බවත් පැවසූ නීතිපතිවරයා ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්තේ නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් ජනාධිපතිට එරෙහිව සම්මත කර එම චෝදනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ යුතු බවත් කියා සිටියේය.

Related posts

ඉතිහාසයේ ප්‍රථම වතාවට අසාද් සාලි ජාතික විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව විශ්ලේෂණය කර ඉල්ලයි.

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් රැගෙන එයි

colombotoday

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

colombotoday

නත්තල සැමරීමට කාදිනල්ගෙන් විශේෂ උපදෙස්

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

ත්‍රස්තවාදීන්ට උදව්කල ජවිපෙ අපේක්ෂක ඊබ්‍රාහිම් පවුලේ කෝටි 100 ක දේපොළ තහනම්…?

colombotoday