Colombo Today Local News

හොරු අල්ලපු නිසා රජයේ ආදායම බිලියන 100කින් වැඩිවුණා – රාජිත

141211181809_rajitha_senaratne_640x360_bbcපැවති අක්‍රමිකතා නිවැරදි කර බලපෑම්වලින් තොරව බදු අයකර ගැනීම නිසා රජයේ බදු ආදායම මේ වසරේ මුල් මාස 6 තුළ රුපියන් බිලියන සියයකින් වැඩි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම අදහස් ප්‍රකාශ කෙරුණේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවැත් වූ මාධ්‍ය හමුවකදී යි.

ඒ අනුව ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම 38% කින් පමණ වැඩි වී ඇති බවත් සුරා බදු 12% කින් සහ රේගු ආදායම 40% කින් වැඩි වී ඇති බවත් සඳහන් කළා. මීට හේතු වී ඇත්තේ මෙම ආයතනවල සිදු වූ අක්‍රමිකතා වංචා දූෂණ නැවැත්වීමට කටයුතු කළ හෙයින් බවත් පැවසුවා.

කෙ‍සේ වෙතත් ගයන්ත ඇමතිවරයාත්, රාජිත ඇමතිවරයාත් ප්‍රකාශ කළ දත්තයන් හි පරස්පරතාවයක් ඇති බැවින් මාධ්‍යවේදීන් ඒ ගැන විමසීමේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි සටහන් කරගනු ලැබූ බවයි.

Related posts

දේශද්‍රෝහී ක්‍රියාවක් කරන්න උත්සහ කල අලි සබ්‍රි වහා ඉල්ලා අස්විය යුතුයි – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

අලුත් අමාත්‍යාංශවලට අලුත් වාහන ගැනීම ජනපති නියෝගයෙන් අත්හිටුවයි !

colombotoday

ජනපතිට එරෙහි පෝස්ටර ගැසුවැයි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

colombotoday

‘”භික්ෂූ විනය’ නමැති සළුව අන්දවා භික්ෂූන් මර්ධනයටයි ආණ්ඩුව මේ සැරසෙන්නේ” ගම්මන්පිල

colombotoday

සිවාජිලිංගම්ගෙන් මහ ජාතියට අභියෝග.

colombotoday