මේ වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා සංචාරය කිරිම ග්රීසියේදී ආරම්භවිය. ග්රීසියේ ඔලිමිපික් නගරයේදී මෙය සිදුකළේය.
පැරණි චාරිත්රානුකූලව හිරු ආලෝකයෙන් ගිනිසිලුළු දල්වනු ලැබීය. පැරණි පූජකවරියන්ගේ හා පූජකයන්ගේ වෙස් ගත් නිළියන් හා නළුවන් විසින් මෙම උත්සවය අලංකාර කරනු ලැබූ අතර එය ඉපැරණි ග්රීක සංගීතයෙන් හා ආලෝකයෙන් වර්ණවත් කළේය.