Colombo Today Local News

බරවා තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කෙරේ

who

බරවා රෝගය තුරන් කළ අග්නිදිග ආසියාතික කළාපයේ දෙවන රට ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම කලාපයේ බරවා රෝගය තුරන් කළ අනිත් රට වන්නේ මාලදිවයිනයි. කිසියම් රටක් බරවා රෝගය තුරන් කළ රටක් ලෙස සැලකීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සලකා බලන නිර්ණායක පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මෙලෙස පැහැදිලි කළා.

රටක ක්‍ෂුද්‍ර පරපෝෂිතතාවය සියයට එකට (01%) වඩා අඩු නම් ඒ රට බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්වචනය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය දශම බිංදුවයි තුනක් ලෙසයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ වසර ගණනාවක සිට මේ තත්ත්වය පැවතුනා. දැනට ලෝකයේ රටවල් 72 ක බරවා රෝගය ගැටළුවක් වී පවතිනවා. බරවා රෝගීන්ගෙන් තුනෙන් එකක් වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.

Related posts

20න් රට ආපස්සට යන්න දෙන්න බෑ.. ඡන්ද විමසීමේදී තීන්දුවක් ගන්නවා – ඇමති විදුර

colombotoday

කොටහේන 6වන පටුමගේ වෙඩිතැබීමක්

Admin

අශෝක රන්වල අපේ සරසවියේ ඉගෙනගෙන නෑ ජපානයෙන් කියයි

Admin

ලංකාවේ ආයෝජනයට මුදල් ඇමති ගෙන්වූ සුපිරි ආයෝජකයා මෙන්න “හර්බජන් සිං”

colombotoday

වන්දිභට්ට යුගය අවසන් කළ යුතු බව සජිත් කියයි

colombotoday

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් කොරෝනා වෛරසයට විසදුමක් !

colombotoday