ඉන්දීය සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදී හමුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට එරෙහිව සිය අප්‍රසාදය දැක්වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය සාම්පූර් හි ඉදි කිරීමට සූදානමින් සිටි ගල් අගුරු බලාගාරය වෙනුවට එල්.එන්.ජී. (ද්‍රව) බලාගාරයක් ඉදි කරන බවද කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.