අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාවන් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේත් පැවැත්වීමට නියමිතයි.
10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසරක් සහ මාස නවයක් වන සේ ප්‍රතිව්‍යුහගත කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි විය.