Colombo Today Local News

සන්ෂයින් සුද්දා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මිරිස්සේ අමිල ප්‍රසංග හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ඝාතකයින් පැමිණි බව කියන වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මාතර දිසා අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුව කොටවිල පොලීසියට භාරදී ඇති බවය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලම්පිටිය සේදවත්ත පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

කොටවිල පොලිස් වසමේ වරකපිටියේදි ඉකුත් 03 වැනිදා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි සන්ෂයින් සුද්දාට මෝටර් රථය තුළදීම වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එහිදී වෙඩික්කරුවන් පැමිණි බවට CCTV දර්ශන මගින් හඳුනා ගත් වෑන් රථය පසුදින බණ්ඩත්තර වේල්ල අසළ දමාගොස් තිබියදී තිහගොඩ පොලිස් නිලධාරින් විසින් සොයාගනු ලැබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

කොරෝනා කාලේ රැදවියන්ට සිය නිවෙස්වලට කතා කරන්නට නොමිළේ දුරකතන පහසුකම්

colombotoday

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය ගණන 14 දක්වා ඉහළට

colombotoday

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

බීඩි කොළ කිලෝ 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday