Colombo Today Local News

“ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට යන කතාව බැසිල්ගේ කුමන්ත්‍රණයක්” මහින්දානන්ද අළුත්ගමගේ

mahindananda aluthgamage

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිsරිසක්‌ යහපාලන ආණ්‌ඩුව සමග එක්‌වන බවට පැතිර යන ප්‍රචාරය අසත්‍යයක්‌ බවත් එම අසත්‍ය ප්‍රචාරය බැසිල් රාජපක්‍ෂ මහතාගේ අනුදැනුම මත ඔහුගේ කුමන්ත්‍රණකාරීන් පිරිසක්‌ විසින් දියත් කරන ලද එකක්‌ බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (17 දා) පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිම මන්ත්‍රීවරයකු එක්‌සත් ජාතික පක්‍ෂය සිටින ආණ්‌ඩුවකට එකතු නොවන බවට තීරණයකර ඇති බව පවසන ඒ මහතා කුමන්ත්‍රණකාරීව මෙම සාවද්‍ය ප්‍රචාරය දියත් කරන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂයට ඇතුළුවී එහි බලය අල්ලා ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව එහි අභ්‍යන්තරයේ ඇති වූ විරෝධතාවක්‌ නිසා යෑයිද සඳහන් කළේය. බැසිල් රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂයට එක්‌කර ගැනීම පිළිබඳව මන්ත්‍රීවරුන් දෙපිරිසක්‌ අතර මතගැටුමක්‌ ඇති බවද පසුව බැසිල් රාජපක්‍ෂ මහතාට එල්ල වූ මේ විරෝධය නිසා ඔහුගේ අනුදැනුම මත මෙම සාවද්‍ය කතාව නිර්මාණය කර ප්‍රචාරය කරන බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වත්මන් යහපාලන ආණ්‌ඩුව සමඟ එකතු නොවීමේ තීරණයක සිටියද යම් හෙයකින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්‍ෂ මහතා සමග එකතුව ශ්‍රී ලනිප ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ක්‍රියා කරන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් එම බලවේගය පිටුපස සිටින බවද මේ සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවැසීය.

දිවයින

Related posts

“මේ තරම් බරපතල විදිහට ගහයි කියල අපි හිතුවෙ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

ලක්ෂ්මන් යාපාගෙන් රවීට කනේ පහරක් (Video)

colombotoday

අමාත්‍යාංශ දෙකක විෂය පථය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ලෝක සාම දර්ශකයේ ලංකාව ඉදිරියට.. භයානක රටවල් අතරිනුත් ඉවත්වෙයි

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

අද නිරිත දිගට තද වැසි

Admin