Colombo Today Local News

රැඳවුම්භාරයේ සිටින අසාද් සාලි ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

සාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ රඳවා තබාගැනීමේන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඉදිරිපත්කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මැයි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (04)දින එල්.ටී.බී. දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු බොහොදුරට අවසන්කර ඇති බව දැනුම් දුන්නේය.

මෙම පරීක්ෂණවලට අදාළව එක් පුද්ගලයෙකුගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරි සති කිහිපය තුළදී විමර්ශන කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළේය.

Related posts

ජනපති වෙනුවෙන් ටී.එන්.ඒ පෙරට

Admin

අනුර අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස මෙන්න

Admin

කොවිඩ් ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ තීරණයක්.

colombotoday

මාදිවෙල නිවාස ඉල්ලා මාලිමා මන්ත්‍රීවරු පෝලිමේ

Admin

අනුරට අති උතුම් උතුමාණෝ කියන්න එපා සහෝදරයා කියලා කියන්න

Admin

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday