Colombo Today Local News

පාරම්පරික නිජබිම් පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට එරෙහි ආදිවාසී නායකයන් ගොනුකල පෙත්සමට දින නියම වෙයි

සිය පාරම්පරික නිජබිම් එළිකොට බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත එම ඉඩම් පවරාදීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (03) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ජූලි මස 13 වනදා සිදුකිරීමට ද නියම කළේය.

මෙම පෙත්සම මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට දන්වා තිබුණේ වැදි ජනතාවට අයත් පාරම්පරික ඉඩම් අත්පත්කර ගැනීමක් සිදුවී නොමැති බවය.

කෙසේ වෙතත් මෙලෙස පවරාගැනීමට සූදානම් වන ඉඩම් පිළිබඳ විස්තර ඇතුළත් සිතියමක් අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් මීට පෙර නියෝග කර තිබුණි.

එම සිතියම සකස් කර ඉදිරිපත්කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ද වගඋත්තරකාර පාර්ශවය අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday

‘සයිටම් විරෝධීන්‘ සහ ‘සයිටම්වාදීන්‘ කොළඹදී හැප්පෙන්න යයි.. උසාවියෙන් නියෝගයක් !

colombotoday

බැඳුම්කරයෙන් ඊපීඑෆ් එකට කෝටි 1400ක පාඩුවක්‌

colombotoday

අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි දොට්ට. – මන්ත්‍රිධුරයෙන් නෙරපන්නයැයි මැතිවරණ කොමිසමට දන්වයි.

colombotoday

මාලිමාවේ සුපිරි කැබිනට්ටුව 25කට සීමා වෙයි

Admin

“ඉන්දියන් ක්‍රමයට” දඬුවම් දෙන්න ගිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්.

colombotoday