තායිලන්තයේ සිට මෙරටට ගෑස් ගෙන්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
තායිලන්තයේ සියම් ගෑස් සමාගම මෙරටට ගෑස් ලබා දීමට එකඟ වු බව ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා සඳහන් කරයි.
සැපයුම් ගාස්තු 10 % ක අඩු වීමක් යටතේ ගෑස් ලබා දීමට ද අදාළ සමාගම එකඟ වී තිබේ.
කෙසේවෙතත් එම තත්වය තුළ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.