Colombo Today Local News

කැබිනට් අනුමැතිය ලැබුණු, සංශෝධනය කරෙන බදු පනත් මෙන්න

බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත් සැකසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පහත දැක්වෙන බදු පනත් සංශෝධනයට අදාළව කෙටුම්පත් සකස් කිරීමට අනුමැතිය හිමිව ඇත.

2017 අංක 24 දරණ දේශීය ආදායම් බදුපනත
2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත
2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත
1988 අංක 40 දරණ ඔට්ටු හා සූදු බදු පනත
2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

2019 වසර අගභාගයේ දී ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීමටත් එකතු කළ අගය මත බද්දෙහි සහ පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීමටත් රජය විසින් ගනු ලැබු තීරණ හේතුවෙන් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.

එසේම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අයවැය හිඟය සහ රාජ්‍ය ණය ඉහළ යෑමට එකී තීරණය හේතුවී ඇතැයි ද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම තත්ත්වය යටතේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් එම පනත් සංශෝධනයට ලක්කිරීමට නියමිතය.

Related posts

‘ශ‍්‍රී ලංකා රජයේ අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ යැයි ආරාධනා පත‍්‍ බෙදයි

colombotoday

අල්ලස කෝටි 26යි. අවලංගුවට කෝටි 1780යි. රටක් බිමට පහත් කළ ජාතික ගුවන් සේවයේ ගසා කෑම.

colombotoday

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday

17ක් රෝහලට යැවූ අනතුර නිසා ඩුප්ලිකේෂන් පාර වැසේ

Admin

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday