Colombo Today Local News

අගමැති සියලු රාජ්‍ය හා පෞ. බැංකු ප්‍රධානීන් හමුවෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සභාපතිවරුන් හා ඉහළ කළමණාකාරිත්වයේ නිලධාරීන් අග්‍රමාත්‍ය කාර්යාලයේදී හමුව තිබේ.

එම හමුවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙන්ම මහ බැංකු අධිපතිවරයා ද සහභාගී වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.‍

මෙහිදි අග්‍රාමාත්‍යවරයා වර්තාමාන ආර්ථික අර්බුදය හමුවේ මෙරට බැංකු පද්ධතිය මුහුණ දී ඇති ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස කරුණු විමසා තිබේ.

ඩොලර් හිඟය හා ණය ප්‍රසාරණය වැනි කරුණු පිළිබඳව මෙන්ම ඉතුරුම් ප්‍රමාණය සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ගෙන් කරුණු විමසු බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග ණය ආපසු ගෙවීමට සාමාගම් හා පුද්ගලයින්ට ලබාදුන් සහන කාලය නැවත දිර්ඝ කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුව තිබේ.

එහිදි අග්‍රමාත්‍යවරයා මහ බැංකුවට උප‍දෙස් දී ඇත්තේ සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ පූර්ණ අධීක්ෂණයට ලක් කළ යුතු බවයි.

Related posts

පාස්කු වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන ප්‍රකාශනයක් | අස්ගිරි සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ කියති.

colombotoday

පොහොට්ටුවෙන් පැනපු අයට යන එනමං නැතිවෙයි

Admin

පොඩි ලැසී ගේ මව අත්අඩංගුවට

colombotoday

හමුදාවට අවමන් කරන්න ගිය විජකලාට, ගීතා ළග ඉදගෙනම පිළිතුරු දෙයි!

colombotoday

හේමසිරිට සහ පූජිත්ට ඇප

colombotoday

මර්ධනීය ඉතිහාසයක් තියෙන නායකයෙක් අද සිහසුන හොබවනවා

colombotoday