Colombo Today Local News

ගින්න අස්සේ මන්ත්‍රීගේ පිස්තෝලෙට සිදු වූ දේ

පසුගිය දා මැති ඇමතිවරුන්ගේ නිවෙස් වලට පහර දී ගිනි තබා දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් වලට සමගාමීව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ කාර්යාලය පිහිටි නිවසේ තිබූ ගිනි අවියක් අස්ථානගත වී ඇති බව පොලීසිය පවසා ඇත.

පසුගිය 9දා රාත්‍රී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ මවට අයත්, සැනසුම, අංක 630, ගුවන්තොටුපළ පාර, අනුරාධපුර ලිපිනයේ පිහිටා ඇති ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් එම නිවසේ සහ හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයේ තිබූ දේපළවලට හානි සිදු කර ගිනි තබා විනාශ කර තිබුණි.

එම අනර්ථය සිදුවන අවස්ථාවේදී නිවසේ කාමරයක තිබූ තමාට අයත් 9mm වර්ගයේ ලියා පදිංචි ගිනි අවිය කලහකාරී පිරිස ගිය පසු, සොයා බැලීමේදී නොතිබූ බව පවසමින් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයෙකු විසින් පැමිණිල්ලක් සිදු කර ඇතැයි පොලිසිය කියූ බවට වාර්තා වෙයි.

ඒ අනුව මෙම ගිනි අවිය කලහකාරීව පැමිණි පිරිස් සොරා ගෙන ගොස් ගියේ ද, නැති නම් ගින්නෙන් විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බව සිදු කරන බව පොලීසිය සඳහන් කළේය.

Related posts

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී බෝම්බයක් හමුවෙයි

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

මුස්ලිම් ජනතාව ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. – නියෝජ්‍ය ඇමති හාරිස්

colombotoday

ලකුණු 455ක් ඉදිරියෙන් සිටින ලංකාව

Admin

මේ දිනවල මාගේ ග්‍රහචාරය උච්චයි… මා ජනපතිවීම ස්ථීරයි !

colombotoday

එකම දුම්රිය පැය 24ක් තුළ දෙපාරක් පිලී පනියි

Admin