Colombo Today Local News

හින්දු කටයුතු ඇමති ලෙස මුස්ලිම් ජාතිකයෙක් පත්කිරීම් හින්දු ජාතියට කළ නිගාවක්

උතුරු සංවර්ධන, නැවත පදිංචිකිරීම් හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා පත්කිරීම හින්දු ජාතියට නිගා කිරීමේ ක්‍රියාවක් යැයි ශ්‍රී ටෙලෝ සංවිධානයේ මහලේකම් පී. උදයාරාසා මහතා පැවසීය.

එහිදී වත්මන් රජය බලයට ගෙන ඒමට වැඩි වශයෙන්ම සහාය ලබා දුන්නේ උතුරේ දෙමළ ජනතාව බැවින් මේ වන විට උතුරේ දෙමළ ජනතාව ජනාධිපතිවරයාට අමතක වී ඇති බවත් හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති හින්දු ධර්මය පිළිබඳ අල්පමාත්‍ර දැනුමක් හෝ නොමැති අයෙකුට හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් හෙතෙම පවසයි.

රජයේ වගකීම් විරහිත බව මේ තුළින් ඉස්මතු වන අතර පැවති රජයන්ට වඩා අදූරදර්ශී ක්‍රියාවන් වත්මන් රජය සිදු කරන බවත් හින්දු කටයුතු විෂය හින්දු භක්තික අමාත්‍යවරයෙකු වෙත පිරිනමන ලෙස ඉල්ලන බවත් උදයරාසා මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේද හවුල්කාර පක්ෂ විසින් මෙම නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව දැඩි විරෝධයක් පළ කොට තිබේ.

Related posts

විදේශ ගතව සිට ආ සැමියාගෙන් පහර කෑ බිරිදක් මරු දකී

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

colombotoday

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

colombotoday

සෙයිද් රාද් හුසෙන් දිගු දුර විහිදුම් බලකායේ රහස් තොරතුරු ඉල්ලයි.

colombotoday

ගුණවතී මෑණියන් සිය පොඩිපුතු වෙනුවෙන් ජනපතිගෙන් කල හැගුම්බර ඉල්ලීම…

colombotoday

දවල්ට මෛත්‍රී එක්ක.. රෑට මහින්ද එක්ක, ඩීල් දමන ඇමතිවරයෙක් ගැන හෙළිකරයි

colombotoday