Colombo Today Local News

හින්දු කෝවිල්වල බිලි පූජා තහනම්.. විශේෂ පනත කැබිනට් අනුමැතියට

හින්දු කෝවිල්වල සිදු කෙරෙන සත්ත්වය බිලි පූජා තහනම් කරන පනත් කෙටුම්පතක් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙනවා.

එම පනත ලබන සතියේදී කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිත අතර එමගින් කුකුළන් වැනි පක්ෂීන් සහ අනෙකුත් සතුන්ද ඇතුළත්ව සත්ව බිලිපූජා පැවැත්වීම නීතියෙන් තහනම් කිරීමට අපෙක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ යාපනය හා පුත්තලම වැනි ප්‍රදේශවල ප්‍රාදේශීය හින්දු ආගමික ඇදහිලි පදනම්කරගෙන බිලි පූජා පැවැත්වෙන බව නිරීක්ෂනය කර ඇති අතර, ‍එලෙස සත්ව බිලි පූජා පැවැත්වීම හින්දු ආගමේ මූලික ඉගැන්වීම්වලට පටහැනි බවද එහි දක්වා තිබේ.

Related posts

මැයි සිට ඇමති බන්දුලගෙන් තවත් සහන මල්ලක්

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විමට තිබූ කලාභූෂණ සම්මාන උළෙල අවලංගු කරයි

colombotoday

පස්සේ සගවා ගත් රත්‍රන් එක්ක ඇඹරෙද්දී කෝටි 17ක රත්තරන් කටුනායකදී මාට්ටු

colombotoday

20-30%කින් විදුලි බිල අඩු කරන්න කියයි

Admin

ලෝක පරිසර දිනය අදයි

colombotoday

කලුතර නගරාධිපති අමීර් නසීම් අත්අඩංගුවට

colombotoday