Colombo Today Local News

නාවික හමුදා භාරයේ තිබූ ඉරනතිව් දූපත පිරිසක් බලහත්කාරයෙන් අල්ලා ගනී

ඉරනතිව් දූපත් වාසීන් යෑයි හඳුන්වාගත් පිරිසක්‌ බෝට්‌ටු 50 කින් ඉරනතිව් දූපතට ගොස්‌ එය අල්ලාගෙන ඇත.

මෙම දූපත නාවික හමුදාව භාරයේ තිබිණි. කොටි සංවිධානය ලයන් එයාර් මගී යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර වනසා දැමුවේ මෙම දූපතේ සිටය.

මන්නාරම රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් මෙම දූපත අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත. එම දූපතෙන් පිටව යන ලෙස නාවික බලධාරීන් කළ ඉල්ලීමටද මොවුන් එකඟ වී නැත.

වන්නි මෙහෙයුමට පෙර කොටි මෙම දූපත අල්ලාගෙන එහි මුහුදු කොටි කඳවුරක්‌ ස්‌ථාපිත කර තිබුණි.

දිවයින

Related posts

බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

colombotoday

අරගලයට සහයෝගය දෙන බව මැලිබන් සමාගම පවසයි.

colombotoday

පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන කථානායක ගෙන් විනය පරීක්ෂණයක්

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

ට්‍රම්ප් දින්නොත් එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට

Admin

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday