Colombo Today Local News

පොහොට්ටුව රටේ බලය අල්ලන බව බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන අරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රටේ පාලන බලය ලබාගෙන යළි මේ රට නඟාසිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (19දා) පැවැති උත්සවයකදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට මේ රටේ දැවැන්තම ප්‍රබල දේශපාලන පක්ෂය බවට පත්වෙලා වසර 1 1/2ක් වැනි කෙටි කාලයක් තුළ වැඩිම ජනතා නියෝජිතයන් පිරිසක් සිටින පක්ෂය බවට පත්වෙලා. ඒක නිසා වගකීම් වැඩිවෙලා. ගහක අස්වැන්න වැඩිවුණාම අතු නැමෙනවා. ඒ වගේ අපේ දේශපාලන පක්ෂයත් බර වැඩිවුණා කිලා ආඩම්බර වෙන්නේ නැතිව බොහොම නිහතමානීව වැඩ කරනවා.

අපේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධක දෙකක් තිබෙනවා. එකක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, අනෙක් එක අපේ පාක්ෂිකයෝ.

අපේ පක්ෂයේ එකම පරමාර්ථය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ රටේ පාලන බලය ලබාගැනීම. අපව කොටවන්න, අපව භේදකරන්න අපට අෑත් කරවන්න යම් යම් කොටස් උත්සාහ කරාවි. ඒවට අපි අහුවෙන්නේ නැහැ. අපේ ඉලක්කයට අපි යනවා.

මේ විකාර අලුත් මැතිවරණ ක්‍රමය අනුව පසුගිය නොවැම්බර් මාසයේ ආරම්භ වුණු පළාත් පාලන මැතිවරණය පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවේ බලය පිහිටෙව්වාට පසුව ඊයේ තමයි අවසන් වුණේ. පළාත් පාලන ආයතන 200කට වැඩි ප්‍රමාණයකට වඩා බලය පිහිටුවන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි 13 ලක්ෂයෙන් දස ලක්ෂයක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී තිබෙනවා. ඒක පෙබරවාරි 11 වැනිදාම සිදුවුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති බීජයෙන්. බිත්තර වී ඇටයකින් පැළවුණු අලුත් ගොයම් ගහක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. බීජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් ගොයම් ගහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ හයිබි්‍රඩ් එකක්. හයිබි්‍රඩ් එකේ වැඩ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පෙනුණානේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු මේ අවස්ථාවේදී විමසූ විට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමා දැන් සිටින්නේද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පෙර සිටි ස්ථාවරයේම බවයි.

Related posts

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

colombotoday

කොළොන්නාවේ ඇළක මළ සිරුරක්

colombotoday

පැන්ඩෝරා විමර්ශනයේ අතුරු වාර්තාව ජනපතිට

colombotoday

අලුත උපන් බිලිදා පණ පිටින් වල දැමු මව අත්අඩංගුවේ

colombotoday

විජිතපුර පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා – සමාජජාලයෙන් රතු එළියක් ! (Video)

colombotoday