Colombo Today Local News

මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන්

ජාතික, පළාත් සහ ප්‍රාදේශීය යන රටේ දේශපාලන ස්තර තුනම අරාජික තත්ත්වයක පවතින අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි යමෙක් කියන්නේ නම් ඔහු මානසික රෝගයකින් පෙළෙන්නකු වෙන්න ඕනෑයි හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

රටේ තිබෙන දේශපාලන වියවුල තුළ මේ ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වී යන බවත් මේ වෙලාවේ කළ යුත්තේ රටේ සියලු දේශපාලන පක්ෂ සහ ආගමික, සාමාජික බලවේග එකතු වී ජාතික ආරක්ෂාව ජනතාවගේ අයිතිය වෙනුවෙන් ව්‍යවස්ථාව යටතේ තිබෙන බලතල ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයාට බලකිරීම බවත් ඒ මහතා සඳහන් කරයි.

විජයදාස රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය කෙළේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඔහු පවසන්නේ ව්‍යවස්ථාවෙන් දී තිබෙන බලතල ක්‍රියාත්මක නොකර ජනාධිපතිවරයා රූකඩයක් බවට පත්ව සිටින බවයි.

රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

‘ජේ.ආර්. ජයවර්ධන 1978 විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය, ඇතිව පාලනය ගෙන යන්නයි. රටේ දේශපාලන ස්ථාවරත්වය නැතිනම්, ආර්ථිකය කඩාවැටෙනවා නම් නීතියේ අධිපත්‍යය නැතිව යනවා නම් සංස්කෘතිය පිරිහෙනවා නම් ඒවා නිවැරැදිව ගෙනයන ස්ථාවර දේශපාලන ක්‍රමයක් රටකට ඕනෑ.’

‘ජේ.ආර්. වසර 42ක අත්දැකීම් එක්කයි ඔහු විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ. ඔහු මෙය ඉගෙන ගත්තේ චාල්ස් ඩිගෝල්ගෙන්. ප්‍රංශය ලොකු වුවත් නිරන්තරයෙන් ආණ්ඩු මාරු වෙනවා. මේ නිසා රට ඉදිරියට ගියේ නෑ. ඒ නිසා ඩිගෝල් විධායක ජනාධිපති ක්‍රමයට ගැළපෙන සමානුපාතික නියෝජනය ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නා. ජේ.ආර්. ඒ ක්‍රමය 1968දී අපේ රටට ගෙනාවා. හැබැයි ඒ ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි සංශෝධනය මඟින් අංගවිකල ආණ්ඩුක්‍රමයක් බවට පත් කළා. ඒක වුණේ කොහොමද?

‘1987 අෂ්රොෆ් මුස්ලිම් කොංග්‍රසය හැදුවා. 1988 දෙසැම්බර් 19 වැනි දිනට ජනාධිපතිවරණය නියම වුණා. එම මැතිවරණයට මහ පක්ෂ දෙකෙන් ඉල්ලුවේ ප්‍රේමදාස සහ සිරිමායි. අෂ්රොෆ් ප්‍රේමදාස හමු වී ඉල්ලීමක් කළා. එම ඉල්ලීමට එකඟ වුණොත් මුස්ලිම්වරුන්ගේ සියලු ඡන්ද ඔහුට අරන් දෙනවා කිව්වා. ප්‍රේමදාසට ඕනෑ වුණේ මොන හානියක් වුණත් කමක් නෑ. මම ජනාධිපති වුණොත් ඇති කියා. ඒ ඉල්ලීමට එකඟ වුණා.

‘එක් කොට්ඨාසයකින් මන්ත්‍රි ආසනයක් දිනාගැනීමට අවශ්‍ය වලංගු ඡන්ද ප්‍රමාණය 12.5%යි. අෂ්රොෆ්ගේ ඉල්ලීම වූයේ එය 5% දක්වා අඩු කරන්නයි. ඒ සඳහා 15 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළා. ඒ 1988 දෙසැම්බර් 17 වැනි එනම් ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි.

‘ඒ උගුලේ අසු වූ නිසා තමයි චන්ද්‍රිකා 62%ක් ඡන්ද ලබාගෙන දිනලා පාර්ලිමේන්තුවේ ආසන 113ක් ගන්න බැරි වුණේ. අන්තිමට අෂ්රොෆ් ඉල්ලූ අමාත්‍යාංශය ඔහුට දීලා ඔහුත් අරගෙනයි ආණ්ඩුව හැදුවේ.’

‘එවක පටන් මහ පක්ෂ දෙකම ආණ්ඩු හදන්න සුළු පක්ෂවලට වඳින්න ඕනෑ. මන්ත්‍රි පහක් හයක් අරගෙන එන සුළු පක්ෂවල වහලෙක් බවට ආණ්ඩු පිහිටුවන පක්ෂ පත් වුණා. එහෙම නොවුණේ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී පමණයි. ඒ යුද්ධය නිම වීමේ ජයග්‍රහණයට ගරු කිරීමක් ලෙස මහින්දට ඒ බලය දුන්නා. 15 වැනි සංශෝධනයේ සිට අද දක්වා පාර්ලිමේන්තුවේ පවතින්නේ අරාජික තත්ත්වයක්. ඒ අරාජික තත්ත්වය පළාත් පාලන ආයතනවලටත් මේ ආණ්ඩුව ගෙනාවා. ජවිපෙ ඇතුළු ප්‍රගතිශීලී පක්‍ෂ දුන් සංශෝධන සියල්ල කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඇතුළට රිංගෙව්වා. ඒ විකෘතියත් එක්ක රට පුරා සියලු පළාත් පාලන ආයතන අද අකර්මණ්‍ය වී තිබෙනවා. පළාත් සභා පනතට ගෙනා සංශෝධන ඊටත් වඩා විකෘතියක්.

විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව මීට පෙර හිටපු සෑම ජනාධිපතිවරයකුටම අපි චෝදනා කළා. එහෙම චෝදනා කළේ විධායක බලතල අයුතු ලෙස යොදා ගනිමින් ඔවුන් ඒකාධිපති වූ නිසයි. අද ජනාධිපතිට තියෙන්නේ ඒ චෝදනාව නෙවෙයි. රටේ ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ අයිතිවාසිකම් රකින්න ව්‍යවස්ථාවෙන් ඔහුට දීලා තියෙන බලය ක්‍රියාත්මක නොකර රූකඩයක් බවට පත්වී සිටීම ගැනයි.’

‘ඒ නිසා රටේ තිබෙන දේශපාලන වියවුල නිසා මේ ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා. මේ වෙලාවේ කළ යුත්තේ රටේ සියලු දේශපාලන පක්ෂ සහ ආගමික සාමාජික බලවේග එකතු වෙලා ජාතික ආරක්ෂාව හා ජනතාවගේ අයිතිය වෙනුවෙන් ව්‍යවස්ථාව යටතේ තිබෙන බලතල ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිට බලකිරීමයි.’

-මව්බිම

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්…

colombotoday

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

colombotoday

බැන් කී මූන් අවසන් !.. ජනපති සිරිසේන හෙට ඇමරිකාවට

colombotoday

ජනපතිගේ සමනළියන් ජනපති ලේකම් කාර්යාලයේ… මටත් අත්දැකීම් තියනවා – හිරුණිකා හෙළිකරයි

colombotoday

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? විවාහ උත්සව සඳහා බලපාන නවතම නීති මෙන්න

colombotoday

ධනපති පක්ෂවලට විරුද්ධව කෙළින් හිටගෙන ඉන්න ව්‍යාපාරය ජවිපෙ. සජිත් ප්‍රධාන නළුවට අභියෝග කරන්නේ නෑ .ජෝකර් කොහෙද ප්‍රධාන නළුවා පරාජය කරලා තියෙන්නේ?

colombotoday