Colombo Today Local News

ඉන්දියාව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.. සර්වඥ ධාතු මෙරටට වැඩමවන්න බෑ කියයි

ඉන්දීය ජාතික කෞතුකාගාරය සතුව පවතින බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු ශ්‍රී ලංකාව වෙත වැඩමවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් ඉන්දීය ජාතික කෞතුගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවය වාර්තා කරන්නේ එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩමවා ලක්වාසී ජනතාවගේ වන්දනාමානයට ප්‍රදර්ශනය කිරීමට එළැඹෙන 30දා හා තවත් දින කිහිපයක් තබා ගැනීමට ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබූ බවයි.

කෙසේ වෙතත් මිලකළ නොහැකි මෙම පෞරාණික වස්තූන් ශ්‍රී ලංකාවට වැඩමවීමේ අදහස ඉන්දීය ජාතික කෞතුකාගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට වෙනත් වස්තූන් කිහිපයක් ශ්‍රී ලංකාවට යොමු කිරීමටද එහි අවධානය යොමුව ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවය වාර්තා කරයි.

මෙම සර්වඥ ධාතූන් ඇතුළු කෞතුක භාණ්ඩ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස රැක බලා ගන්නා බවද එම පුවත් සේවය සඳහන් කරයි.

Related posts

බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළා; සරත් වීරසේකර කතා කරද්දී බ්‍රිතාන්‍ය තානාපති හැරි හැරී බලයි

colombotoday

එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු රටවලින් ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ නිල වශයෙන් ඉල්ලයි

colombotoday

ශ්‍රීලනිපයේ පිංගුත්තරයො ටික ආයෙත් ආණ්ඩුවට එපා… තනි එජාප ආණ්ඩුවක් හදනවා – දිලිප් වෙදආරච්චි

colombotoday

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

Admin

සිංහලයගෙ කොන්ද කඩන මේ පනත හුස්ම ගියත් සම්මත කරන්න ඉඩ දෙන්නෑ – ඤාණසාර හිමි

colombotoday