Colombo Today Local News

අගමැතිට පක්ෂ වීමට දෙමළ සන්ධානය දාපු කොන්දේසි 10 මෙන්න

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කිරිම සඳහා දෙමළ ජාතික සන්ධානය කරුණු 10න් යුත් කොන්දේසියක් ඉදිරිපත් කර තිබෙනවා.

එම කොන්දේසි 10 සම්බන්ධයෙන් එකඟ වනවා නම් තමන් අග්‍රමාත්‍යවරයාට එරෙහිව අද (04) පැවැත්වෙන විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ දී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය භාවිත කිරිමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්දන් සඳහන් කළ බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගෙන ඇත්තේ විපක්ෂ නායක කාර්යාලයේ අද (04) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර ද දැඩි උණුසුම් තත්ත්වයන් හට ගත් බවද සඳහන්.

  1. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2/3 ක බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි.
  2. හමුදාව සතුව ඇති උතුරු නැගෙනහිර සියළු ඉඩම් ජනතාව වෙත ලබාදිය යුතුයි.
  3. සිරභාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාව ලබාදිය යුතුයි.
  4. අතුරුදන් වූවන්ට හිමිව ඇත්තේ අතුරුදන්වුවන්ගේ කොමිසම පමණයි… ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර අතුරුදන්වුවන්ගේ පවුල්වලට සාධාරණය ඉෂ්ඨ කළ යුතුයි.
  5. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිම.
  6. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතුයි.
  7. උතුරු නැගෙනහිර පළාත් සඳහා දකුණෙන් රැකියා පත්වීම් ලබාදීම වහාම නතර කළ යුතුයි.
  8. උතුරු නැගෙනහිරට අයත් දිස්ත්‍රික්ක 8 සඳහා දෙමළ දිස්ත්‍රික් ලේකම්වරුන් පත්කළ යුතුයි.
  9. උතුරු නැගෙනහිර සංවර්ධනයේ දී අදාළ අදාළ පළාත් සභාවල මතයට ගරු කළ   යුතු අතර පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි.
  10. දෙමළ ජනතාවට කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි.

nethnews.lk

Related posts

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !

colombotoday

“මහින්ද දෙන්න ගියේ සින්නක්කරවමයි.. අපි වරාය දෙන්නේ 99 අවුරුද්දකටයි“ – මහින්ද අමරවීර

colombotoday

UPDATE: ඇප හිමි වූ ඤාණසාර හිමි යළි රිමාන්ඩ්… සුදත්ත හිමිත් රිමාන්ඩ්

colombotoday

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ රවී පමණද? රනිල්, මලික්, කබීර් ට චෝදනා නැද්ද ?

colombotoday