එක්සත් ජාතික පක්ෂය සමලිංගික උපදේශකයින්ගෙන් බේරාගතයුතු බවත් සමනළ රෑනකට පක්ෂයේ තීන්දු ගැනීමට ඉඩ ලබා නොදියයුතු බවත් හිටපු අධිකරණ හා බුද්ධ සාශන අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා හිරු රූපවාහිනියේ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
මේ පක්ෂය ආරම්භ කළේ ඩි.එස් සේනානායක මත්තය කෘෂි වාර්කර්මාන්ත වලින් රට දියුණු කළා ගම දියුණු කළා දැන් මොකද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ ඇමරිකාවේ උපදේශකයින් බටහිර උපදේශකයින් සමලිංගිකයින් තමයි පක්ෂයට උපදෙස් දෙන්නේ. ලැජ්ජයි මෙහෙම පක්ෂයකට රටක් පාලනය කරන්න පුළුවන්ද?
සමලිංගික අධ්‍යාපනයත් උගන්වන්න යනවා. රට මේ යන්නේ කොහාටද වහාම මේ තත්ත්වය වෙනස් කළ යුතුමයි. රකින්න බුදලයක් නැහැ පරපුරක් නැහැ කියන දේශපාලඥයින්ට මේ රට විනාශ කලාට ප්‍රශ්නයක් නැහැ. එම නිසා රට විනාශ කිරීම ඔවුන්ට ප්රශ්නයන් නොවෙයි යනුවෙන්ද විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එම සම්පූර්ණ වැඩසටහන පහතින්