Colombo Today Local News

ගංවතුර බැස යයි.. වංසගත එයි! ප්‍රවේශම්වන්න

fct fld4

දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 22 කට බලපෑ ගංවතුර මේ වනවිට බැස යමින් පැවැතියද එම දිස්‌ත්‍රික්‌කවල ගංවතුර හේතුවෙන් මතුව ඇති වසංගත රෝග පැතිර යෑමේ අවදානම වැඩි වෙමින් පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

මෙලෙස වසංගත රෝග ශීඝ්‍රයෙන් පැතිර යෑම නිසා ඒ පිළිබඳව දැඩි විමසිලිමත්ව සිටින ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ගංවතුර හට ගෙන ඇති ප්‍රදේශවල ජනතාව අතර පාචනය, අතීසාරය, උණසන්නිපාතය, ලෙප්ටොස්‌පයිරෝසිස්‌, සමේ රෝග ඇතුළු වසංගත රෝග පැතිර යැමේ අවදානමක්‌ පවතින බව එම වෛද්‍යවරු කියා සිටිති.

මෙම වසංගත රෝග පැතිරී යැම වැළැක්‌වීම සඳහා මෙම දිනවල නිවසේදීම පිළියෙල කර ගත් ආහාර වර්ග අනුභව කිරීම, ජලය හොඳින් උතුරා නිවා පානය කිරීම, ජල කරාම, නළ ළිං හා ජලාශවල ජලය පානය කිරීමෙන් වැළකීම, ආහාර පිළියෙල කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර මෙන්ම වැසිකිළි යාමෙන් පසු හොඳින් සබන් යොදා දෑත් සේදීම, මළ පහ මුත්‍රා කිරීම සඳහා වැසිකිළි භාවිත කිරීම, මදුරු දෂ්ටනයෙන් වැළැකීම, ගංවතුරට සම නිරාවරණය වී ඇත්නම් පාද සබන් යොදා හොඳින් සේදීම සෑම එළවළුවක්‌ම හොඳින් පිස ආහාරයට ගැනීම, පලා වර්ග හොඳින් සෝදා මැලවීම, අමු පලතුරු ආහාරයට ගැනීමේදී ඒවා හොඳින් සෝදා පිරිසිදු කර ආහාරයට ගැනීම යන ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.

Related posts

ව්‍යවස්ථාදායක කාරක සභාවට අතිරේක සාමාජිකයෝ

Admin

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් සමන්ති ජයමාන්න කොමසාරි මණ්ඩල තීරණ කුණු කූඩයට දමයි

colombotoday

ජනාධිපති, ආරක්ෂාව සම්බන්ධයෙන් මුකුත් දන්නෙ නැහැ… එයා බයයි !!

colombotoday

කෝටි දෙලක්ෂයක රන් එක්ක කතක් කටුනායකින් පනිද්දී මාට්ටු

Admin

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin

පොහොට්ටුව-ශ්‍රීලනිප එක්වී මීගමු නගරසභාවේ බලය පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවේ ලන්සා

colombotoday