Colombo Today Local News

“මේ ආණ්ඩුවේ ඉන්න වීම ගැන මට ලැජ්ජයි” – මුජිබර් රහුමාන්

ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙස තව දුරටත් රැදී සිටීම ගැන තමන් ලැජ්ජාවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

මහනුවර ගැටුම ඇතිවීමට පෙර තමන් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු පාර්ශව දැනුවත් කළද ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද හෙතෙම චෝදනා කර සිටියේය.

මීට පෙර සිදුවූ බොහෝ සිදුවීම්වලට මුස්ලිම් අන්තවාදයක් ඇතැයි කියා එම පාර්ශවවලට චෝදනා කිරීම වැරදි යැයිද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් මෙරට ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් පිටුපස ප්‍රබල දේශපාලකයන් සිටින බවට පසුගිය කාලය පුරා චෝදනා එල්ලවූ අතර, මුජිබර් රහමන් මන්ත්‍රීවරයාද ඉන් එක් අයෙකි. පසුගිය සමයේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට පඹයන් ගිනිතබා තානාපති නිලධාරීන් බියගන්වමින්, කලහකාරී ලෙස ඇතිකළ විරෝධතාවයද මොහු විසින් මෙහෙයවනු දක්නට ලැබිණි.

සිංහල ජනතාව සහ සංවිධාන මුස්ලිම් ජනතාවට හිරිහැර කරනවා යැයි ව්‍යාජ ප්‍රකාශ කරමින් මුස්ලිම් සමාජය කුපිත කිරීමට මුජිබර් රහුමාන් අවස්ථා කිහිපයකදී උත්සාහ කළ බව ජාතික සංවිධානවලින් පසුගිය කාලයේ චෝදනා එල්ලවිණි.

 

Related posts

උපන්දින පාටියට සම්බන්ද පිරිස නිරෝදයනය ට ගෙන ගිය බස් රථය ආපසු හරවන්න නියෝග කල පුවත බොරුවක්

colombotoday

ඤාණසාර හිමියන් සිරගතවූයේ පාලකයන්ගේ වරදින් – ඤාණසාර හිමියන් සිරගත කිරීම පිළිබද හෑගොඩ විපස්සි හිමියන් සිදුකල ප්‍රකාශය

colombotoday

නව නීතියෙන් ධර්මපාල චින්තනයටත් වැට… හැඟිම් ඇවිස්සෙන කතා කළොත් වසර දෙකක් සිරගෙට

colombotoday

හෙරොයින් ග්‍රෑම් 20ක් සමගින් කංජිපානිගේ ගෝලයා මොහොමඩ් අජීම් අත්අඩංගුවට

colombotoday

රටම ජනපති අනුව යයි… නගරසභා, ප්‍රාදේශීයසභා සභාපතිවරුද රාජ්‍ය ලාංඡනය පමනක් තබා තම රුව ඉවත් කරගනිති…

colombotoday

එන වසරේ එජාප – TNA හවුල් ආණ්ඩුවක් !

colombotoday