Colombo Today Local NewsHot News

වෙසක් දින අගමැති කාර්යාලය තුලදී අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම වහන්සේ නමකට හානි

katu_ge1

පකිස්ථානයෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනය සදහා ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසට (අනුරාධපුර යුගය) අයත් පුරාවිද්‍යාත්මක වශයෙන් මිල කල නොහැකි, කටු ගෙහි සංරක්ෂණය කර තිබු බුදු පිළිම වහන්සේ නමක් අගමැති කාර්යාලයට වඩම කරවන ලද අතර 21 වනදා එම පිළිම වහන්සේ නම බිම වැටී එහි සිරස් පතය බිදී ගොස් තිබෙනවා.

කටු ගෙහි අධ්‍යක්ෂකවරිය විසින් තමා භාරයේ සංරක්ෂණය කර තිබුණු පිළිම වහන්සේ කිසිදු ස්ථානයකට ලබාදිය නොහැකිය යන මතයේ පළමුව සිට ඇති අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එම මතයේ සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ. නමුත් අග්‍රාමාත්‍ය වරයාගේ උපදේශයකයින් විසින්, පකිස්ථානයෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා හා සමාන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිළිම වහන්සේ නමක් අවශ්‍ය බවට දැඩි මතයක සිට ඇති අතර අග්‍රාමාත්‍ය වරයා ඒ සදහා අවසර ලබා දී ඇත.

තර්ක විතර්ක මධ්‍යයේ අග්‍රාමත්‍ය කාර්යාල බලධරයින් විසින් පසුගිය 20 වනදා පිළිම වහන්සේ අගමැති කාර්යාලයට වැඩම කරවා ඇත. 21 වනදා පිළිම වහන්සේ තැන්පත් කර තිබු ස්ථානයේ බිම පිරිසිදු කිරීමට ගත් උත්සහයකදී උන්වහන්සේ බිම ඇද වැටි සිරස් පතය බිදී ගොස් ඇත. අනතුරුව අමාත්‍ය එස් බී නාවින්න මහතාගේ මැදිහත් වීමෙන් වහාම පිළිම වහන්සේ කටු ගෙය වෙත ආපසු වැඩම කරවා ඇති බවයි අග්‍රාමත්‍ය කාර්යාල ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේ.

වර්තමානය වන විට පුරාවිද්‍යාත්මක වටිනාකම් නොදන්නා, හුදු දේශපාලන පත්වීම් මත ඉහල තැන්වල රාජකාරි කරනා නිලධාරීන් විසින් ගන්නා තීරණ හමුවේ මිල කල නොහැකි සම්පත් රටට අහිමව යමින් පවතී.

වෙසක් දිනයේදී මෙවැනි සිදුවීමක් අගමැති කාර්යාලය තුල සිදුවීම රටට අපලදායි තත්වයක පෙරනිමිත්තක් බවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ.

කටුගෙහි බලධාරීන් දුරකථනය ඔස්සේ ඇමතීමට colombotoday.com උත්සහ කල අතර ඒ සදහා පිළිතුරු දීමට කිසිවකුත් ඉදිරිපත් වුවේ නැත.

Related posts

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජාතිවාදී ගිනිදළු.. සිංහල සිසුන්ට ඉවරයක් නැති පීඩා.. පල්ලි දෙකයි. බුදු මැදුරට තහංචි !

colombotoday

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

Admin

තෛපොංගල් වෙනුවෙන් හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

Admin

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

“මව්න්ට් එලිසබෙත් රෝහල වගේ තුනක් මෙහෙ හදනවා..‍ සෞඛ්‍ය සේවය සිංගප්පූරුවේ වගේ දියුණු කරනවා” – රාජිත

colombotoday

කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත බලාත්මකයි

colombotoday