Colombo Today Local News

නැති ලෙඩක් පෙන්වා අර්ජුන් ඇලෝෂියස්ට රෝහල් සැප දීමේ සැලසුමක්..

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝෂියස්ට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබෙන බවට බන්ධනාගාරයේ විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කර තිබියදීත් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බන්ධනාගාර වෛද්‍යවරුන් කීපදෙනකු අතරේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝගී තත්ත්වයක් ඇති බවට සඳහන් කර අර්ජුන් ඇලෝෂියස් මීට පෙර බන්ධනාගාර රෝහලට ඇතුළු කර තිබූ නමුත් ඔහු රෝහල් ගත කර ඇත්තේ නීති විරෝධී ආකාරයට බැවින් ස්ථාන භාර වෛද්‍යවරයා ඔහු නැවත වරක් සිරමැදිරියට යවා ඇත. ඉන්පසුව වෙනත් වෛද්‍යවරයෙක් සිර මැදිරියට ගොස් අර්ජුන් ඇලෝෂියස්ට සේලයින් දී ඔහු රෝහල් ගත කිරීම සඳහා ගිලන් රියක් පවා ගෙන්වා ඇතත් එවරද ස්ථාන භාර වෛද්‍යවරයා ඔහු රෝහල්ගත කිරීමට අනුමැතිය දී නැත. ඊට හේතු වන්නේ ඔහු මනා සෞඛ්‍ය තත්ත්වයේ සිටින බව විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබිමය. මේ අතරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු යනුවෙන් තමන් හඳුන්වා දී ඇති නිලධාරියකු අර්ජුන් ඇලෝෂියස් ජාතික රෝහලට මාරු කරන ලෙස දන්වා ඇතත් ස්ථාන භාර වෛද්‍යවරයා ඊටද එකඟතාව පළකර නැත.

කෙසේ නමුත් අර්ජුන් ඇලෝෂියස්ට නැති රෝග පෙන්වා ඔහු නැවත වරක් කොළඹ ජාතික රෝහල වෙත යැවීමේ කුමන්ත්‍රණයක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

ලක්බිම

Related posts

මම විශ්‍රාම යන්නේ නෑ. – කටකතා ගැන අගමැති මහින්ද කියයි.

colombotoday

විනය කඩන අයට දඩුවම් නොදුන්නොත් මගේ මහ ලේකම්කමෙන් වැඩක් නෑ – දුමින්ද

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

“ටෝන් එක අවුල්.. කන්ටෙන් එකේ අවුලක් නෑ.. එනිසා රන්ජන් සමාවගතයුතු නෑ“ මරික්කාර්

colombotoday

කොරෝනාවෙන් මිදුනු දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපල බවට මත්තල ගුවන්තොටුපල පත් කරනවා- අමාත්‍ය ඩී.වී. චානක

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday