Covid 19

මෝදර වැඩිහිටි නිවාසයක 45 කට කොවිඩ් අසාදනය වෙයි

මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පසුගියදා සිදුකළ පීසීආර් පරීක්ෂණ 98 ක් අතරින් මෙම පිරිස හඳුනාගත් බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේය.

පසුගියදා අදාළ වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම වැඩිහිටි නිවාසයේ අනෙක් පිරිස ද පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබේ.

ඒ අනුව මෙම නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේය.

Related posts

අද කොවිඩ් ආසාදිතයින් 1,332ක්

colombotoday

“කොවිඩ්-19” හේතුවෙන් ලොවපුරා මියගිය ගණන ලක්ෂ දෙක ආසන්නයේ

colombotoday

තවත් කොරෝනා මරණ 156 ක්

colombotoday

බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසුනු තවත් තිදෙනෙකුට කොවිඩ්

colombotoday