Colombo Today Local News

රාජාංගනේ වැව් දියවර චීන සමාගමට දීමට එරෙහි වූ ගොවීන් 57ක් රිමාන්ඩ්

තඹුත්තේ පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් 57 දෙනෙකු ලබන මස 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් ඊයේ රාත්‍රි තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු ද වේ.

ඊයේ පස්වරුවේ රාජාංගනය පොලීසියට මෙම පිරිස ගල් මුල් ප්‍රහාර එල්ල කළේ, මාර්ගය අවහිර කරමින් පැවති උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට උත්සාහ කිරීමත් සමග ය.

රාජාංගනය ජලාශයේ දියවරින් පෝෂණය වන ප්‍රදේශ රැසක ගොවි ජනතාව ඊයේ පෙරවරුවේ කලා ඔය පාලම අසළ විරෝධාතාවක් ආරම්භ කර ඇත.

ඒ, ජලාශයේ ජලය, චීන පෞද්ගලික සමාගමක ව්‍යාපෘතියකට ලබාදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි.

අනතුරුව ඔවුන් මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරතවීමත් සමග පොලීසිය එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේ ය.

Related posts

මන්නාරම, සිලාවතුර නාවික කදවුරේ ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක්…

colombotoday

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

colombotoday

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

colombotoday

සිංහලයිනි නෙවෙයි “ලාංකිකයිනි නැගිටිව්!“.. ධර්මපාලතුමාගේ හඩ, UNP වේදිකාවේ ජනපති REMIX කරයි !

colombotoday

ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද? – කෙහෙළිය රඹුක්වැල්ල

colombotoday

අදත් කලාප 23කට විදුලි කප්පාදුවක්

colombotoday