Colombo Today Local News

ශිරාල් නිසා ආණ්ඩුව අභ්‍යන්තර අර්බුධයක

ආණ්ඩුවේ ගිනි අවසන්ව නැත. ඇතුලත් පිටතත් ඇවිලෙන ගින්න අතරේ වාසි තකා සිය පලිගැනීමේ මෙහෙයුම දියත් කරන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් කටයුතු කරන ශිරාල් ලක්තිලකයි.

ජනපතිවරයා නොමග යවමින්, ශිරාල් දකින ෆැන්ටසි ලෝකය ජනපතිවරයාට පෙන්වීමට ශිරාල් සමත් වී ඇත. ඒ අනුව යහපාලන රජය තුල සිය පලිගැනීමේ මෙහෙයුම සූක්ෂමව ක්‍රියාවට නංවන ශිරාල් විසින් වත්මන් රජය පත්ව ඇති අභ්‍යාග්‍ය සම්පන්න ඉරණටම වගකිව යුතු පුද්ගලයාය. කුමක් හෝ සිද්ධියක් සිදුවුව හොත් තම පෞද්ගලික වෛරය මත එජාපය තුලට ජනපතිවරයා හරහා බැර කිරීමට ශිරාල් සමත්ය. එය ඇස්පනා පිටම ඔප්පු වී ඇත.

ශිරාල් එම තනතුරට පත්කරන අවස්තාවේදීත් අගමැති රනිල් එයට විරුද්ධ වී ඇති අතර, ජනපතිවරයා එයට යහපත් ප්‍රථිචාරයක් දක්වා නොමැත. ජනපතිවරයා විසින් තමන්ගේ ප්‍රතිරූපය ඉහල නංවා ගැනීමට පරිහරණය කරන පුද්ගලයා ශිරාල්ය. ජනපතිවරයාගේ දැඩි විශ්වාසය ප්‍රයෝජනයට ගෙන ජනපති තනතුර තම ග්‍රහණයට ගන්නට ශිරාල් සමත් විය. ඡන්දයෙන් පැරදුනු, ජනතා මතයක් නොමැති ශිරාල් වැනි පුද්ගලයෙකුගෙන් උපදෙස් ගෙන රටත් පාලනය කරන්නට උත්සාහ කරන වුන් හට බූ වල්ලෙන් තැලිය යුතුය. එසේ නොමැති නම් මේ රජය අද හෙටම ගෙදර යනවා නොඅනුමානය.

– Lankaenews.me –

Related posts

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

Admin

ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිගෙන් කප්පම් ඉල්ලූ වෙඩික්කරු අත්අඩංගුවට

Admin

අය වැයෙන් වෙන්කල මුදල් මැතිවරණ කොමිසමට නොදීමට එරෙහිව පෙත්සමක්

Admin

රියදුරු ලෙඩවී බස් රිය පෙරළෙයි

colombotoday

ඇලෝසියස්-පලිසේනගේ ඇප ප්‍රතික්ෂේපයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday