Colombo Today Local News

ලක් ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාවට වසර තුනයි..

මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී අදට වසර 3 ක් ගත වනු ඇත.

මෙම වංචාව සිදු වූයේ 2015 පෙබරවාරි 27 වන දායි.

තෙවසරකට පෙර,

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ අධිපතිධූරය දරද්දී වසර 30 කින් කල් පිරෙන රුපියල් බිලියනක බැඳුම්කර නිකුත් කිරීමට දැන්වීම් පළ කර ඇත.

වෙන්දේසිය අවසන් වනවිට 20 ගුණයක් වැඩි කරමින් රුපියල් බිලියන 20 ක් දක්වා බැඳුම්කර නිකුත් කිරීමට අධිපතිගෙන් තීරණයක්.

මහබැංකු නිලධාරීන්ගේ විරෝධය මත රුපියල් බිලියන 10 ක් දක්වා අඩු කෙරේ.

රුපියල් බිලියන 10 න් වැඩි ප්‍රමාණයක් 12.05% අසාමාන්‍ය පොලී අනුපාතයකට පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට.

එවක පැවති සාමාන්‍ය පොලී අනුපාතය 9.85% කි.

තව ත් ප්‍රාථමික ගැණුම්කරුවෙකු වන ලංකා බැංකුවත් පර්පෙචුවෙල් සමාගම වෙනුවෙන් ලංසු තැබීම ගැන විද්වතුන්ගේ මවිතය.

මාධ්‍ය අනාවරණ හා මහජන විරෝධට මැද අගමැතිවරයා පාර්ලිමේන්තුවට කරුණු පහදයි.

පසුගිය රජයේ දූෂණ අක්‍රමිකතා හේතුවෙන් තමන් බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කළ බව අගමැතිවරයා කියයි.

ඩිව්. ගුණසේකර සභාපතිත්තවය දරණ කෝප් කමිටුව බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශන අරඹයි.

වාර්තාව එළි දැක්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවයි, විමර්ශන ඇන හිටී.

බැඳුම්කර වෙන්දේසියේදී අගමැතිවරයා දුන් උපදෙස් අනුව ක්‍රියා කළ බව අර්ජුන් මහේන්ද්‍රන් ඩි. ගුණසේකර කෝප් කමිටුවේදී කියා ඇතැයි හෙළි වෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කෝප් කමිටුව විමර්ශන අරඹයි.

කෝප් කමිටු වාර්තාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පාද සටහන්.

පාද සටහන් නිර්දේශවලට බලපෑමක් එල්ල කර ඇතැයි විද්වතුන් පෙන්වා දෙති.

විරෝධතා හමුවේ ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් පත් කරයි.

මාස 11 ක් තුළ කොමිසමේ අනාවරණය වූ කරුණු රටම මවිතයට පත් කරයි.

පසුගිය දෙසැම්බර් 30 වන දා වාර්තාව ජනපති අතට.

ජනපති කථානායකවරයාට යොමු කරයි.

වාර්තාවෙන් අනාවරණ රැසක්.

අර්ජුන් මහේන්ද්‍රන් පර්පෙචුවල් ‍ට්‍රෙෂරීස් සමාගමට වාසිවන අයුරින් කටයුතු කිරීම.

ඔහුගේ බෑනාවන අර්ජුන් ඇලෝසියස් එම සබඳතාව පදනම් කරගෙන වෙන්දේසියෙන් විශාල ප්‍රතිලාභ ලබා ගැනීම.

රවී කරුණානායකටත් අල්ලස් චෝදනා.

කොමිසමේ හෙළි වූ කරුණුවලින් පසුව රවී කරුණානායක අමාත්‍යධුරය අත්හරියි.

අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි අගමැතිවරයාට වැරදි උපදෙස් ලබාදීම.

වෝහාරික විගණනයක් සහ වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීමටත් කොමිසමේ නිර්දේශ.

අර්ජුන් මහේන්ද්‍රන්ට අධිකරණයෙන් නොතීසි.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන රක්ෂිත බන්ධනාගාරයට.

රවී කරුණානායකට පසුපෙළ මන්ත්‍රී අසුනක්.

රනිල් වික්‍රමසිංහට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය.

රටේ සිදු වූ බරපතළ ම මූල්‍ය වංචාවට වසර 3 යි.

මහ මොළකරුවන් කෝ?

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1857358780991038/?t=4″ width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොරෝනා මර්ධනයේ එකම අඩුපාඩුව මුස්ලිම් මරණ ආදාහනය කිරීමයි. ඒ.එල්.එම් අතාවුල්ලාහ් කියයි

colombotoday

ඡන්දෙන් පසු අලුත් ආණ්ඩුවක්.. කණ්ඩායම් තුනක් රහස් කතා..

colombotoday

මහින්දානන්ද මරා දැමීමට රංජන්-රනිල් කල කුමන්ත්‍රණයක හඩ පට එළියට… උපදෙස් පොලිස්පතිගෙන් !

colombotoday

පවතින සහල් තොග මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් – කෘෂිකර්ම ඇමති කියයි

Admin

ලංකාවේ නැව් දෙකක් සිංප්පූරුවට දෙන්න කැබිනට්ටුවේ අනුමැතිය

colombotoday

මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගත්තා – ජනපතිට දැඩිලෙස දොශාරෝපණය කරමින් කරුගෙන් නිවේදනයක්

colombotoday