Colombo Today Local NewsTop Stories

දෙමලෙන් ජාතික ගීය ඇහෙන වාරයක් පාසා අපේ ඡන්ද පනස් දාහක් විතර කැඩුනා – තිලක් මාරපන

නිදහස් උත්සවය දා ජාතික ගීය දෙමලෙන් ගැයීම පළාත් පාලන මැතිවරණයේ දී එජාපය ලද පරාජයට මුලික හේතුවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අවධාරණය කර සිටියි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග එජාප අමාත්‍යවරුන් ඊයේ පැවැත්වූ විශේෂ සාකච්ජාවේදී ඇමතිවරයා එබව සඳහන් කර ඇත. මැතිවරණය ප්‍රතිපල හා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එම රැස්වීම කැඳවා තිබිණ.

” දෙමලෙන් ජාතික ගීය ඇහෙන ඇහෙන වාරයක් පාසා අපේ ඡන්ද පනස් දාහක් විතර කැඩුනා. මේක හරිම අපරාධයක්. මේවා සංවිධානය කරන අය මීට වඩා ඕවා හිතන්න ඕන. අපේ සිංහල බෞද්ධ ඡන්ද පදනම මේවගේ වැඩ නිසා දවසින් සවස කඩා වැටෙනවා” යයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

එම අවස්ථාවේදී මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, මාරපන අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙලා දකිමින් දැඩි ආවේගයකින් යුතුව අදහස් දක්වා ඇත.

සමෘද්ධි අමාත්‍යංශය එජාප යටතට !

මැතිවරණ පරාජය සම්බන්ධයෙන් ඇමතිවරුන් කිහිප දෙනෙකුම එහිදී අදහස් දක්වා ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එහිදී පවසා ඇත්තේ සමෘද්ධි අමාත්‍යංශය එජාපය යටතේ නොතිබුන හෙයින් එයින් එජාපයට ජනතාව අතරට යාමට තිබු මහගු අවස්ථාවක් මගහැරුණ බවයි.

වහාම සමෘද්ධි අමාත්‍යංශය එජාපය යටතට පවරා ගන්නා ලෙස ඔහු අගමැතිවරයාට යෝජනා කර තිබේ.

මෙහිදී අමාත්‍ය පී. හැරිසන් මහතා පවසා ඇත්තේ පොහොර නියමිත වෙලාවට නොලැබීම ග්‍රාමීය ප්‍රදේශවල පරාජයට මුලික හේතුව බවයි.

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, මහරගම වැනි ප්‍රදේශ පරාජය වුයේ සමෘද්ධි නැති නිසාවත් පොහොර නැති නිසාවත් නොවනබව පවසා තිබේ. සිංහල බෞද්ධ ජන පදනම ආරක්ෂාකර ගැනීමේ අවශ්‍යතාවය ඔහු එහිදී අවධාරණය කර තිබේ.

Related posts

අභ්‍යන්තර අධිකරණයේ දී සාක්කි දෙන්න මැකරේ දත කට මදියි…

colombotoday

පොහොර සහනාධාර ගැන අලුත් කතාවක්

Admin

ප්‍රහාරය හෙළා දැකීමට පෙර “වහබ්වාදය ප්‍රතික්ෂේප කරනවා” යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න – බොදු බලෙන් උලමා ඇතුළු මුස්ලිම් සංවිධානවලට අභියෝග

colombotoday

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday

ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා මාධ්‍යයට චණ්ඩිපාට් දානවා

Admin

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday