මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දැනට දරන අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව අගමැති කාර්යාල ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.
රටේ පවතින ආර්ථික අර්බුදය, බදු වැඩිවීම් ඇතුළු ගැටළු හමුවේ එල්ලවෙන ජනතා විරෝදය සහ මහ බැංකු වංචා චෝදනා ඇතුළු අක්‍රමිකතා පිලිබදව එල්ලවුණු චෝදනා හමුවේ “යහපාලනය” පිලිබදව සිදුකෙරෙන ප්‍රශ්නාර්ථ යම් ප්‍රමාණයකට අඩු කර ගැනීමේ අරමුණෙන් මෙම අමාත්‍යංශ වෙනස්වීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.
මීට සමගාමීව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාත් එම තනතුරුන් ඉවත්කරනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කර සිටියා.