අරණායක, එළගපිටිය සාමසර කන්ද නායයාමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා යුද හමුදාව අද (18) උදෑසන මෙහෙයුම් ආරම්භ කළා. මේ සඳහා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට කණ්ඩායමක්ද එක්කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සදහන් කළා.
මේ වනවිට මළසිරුරු 6 ක් පමණ සොයාගන ඇති අතර එළගපිටිය සාමසර ජනපදයේ පමණක් පවුල් 150ක් පමණ පදිංචිව සිට ඇත.මේ වන විට එහි සිටි පුද්ගලයන් 75ක් පමණ බේරා ගැනීමට සමත්ව තිබෙන අතර අනෙකුත් පුද්ගලයන් බේරාගැනීම සදහා සහන සේවා කටයුතු දිගටම සිදු කෙරෙමින් පවතිනවා. .