Colombo Today Local News

උදයංග වීරතුංග නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුධයක්…

ඇමරිකාව බලා යමින් සිටියදී ඩුබායි ගුවන්තොටුපලේදී රදවාගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තමන් වෙත බාරදෙන්නැයි යුක්රේන බලධාරීන් ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ. එයට හේතුව වන්නේ උදයංග වීරතුංග යුක්රේන පුරවැසිභාවය හිමි තැනැත්තෙකු වීමයි.

ඔහු රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ශ්‍රී ලංකා හමුදාව වෙත මිග් යානා මිලදී ගැනීමේදී සිදුකර ඇති වංචාවක් සම්බන්ධයෙන් වරෙන්තුකරුවෙකු බවට පත්ව ඇති අතර ඔහුට ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කිරීම ද අධිකරණය මගින් අත්හිටුවා තිබේ. ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ද නිකුත් කර ඇති උදයංග වීරතුංග වෙනත් ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් රහසිගතව රටින් රටට ගමන් කරමින් සිටී. ඔහුව ඩුබායි ගුවන් තොටුපලේදී රඳවා තබාගන්නේ ඒ අතරතුරයි.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකා පොලීසිය වෙත නිළ දැනුම්දීමක් සිදුකර නොමැති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ඔහුව ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බවයි. ඊයේ (06) රාත්‍රී වනවිටත් විමර්ශන කණ්ඩායමක් අබුඩාබි වෙත යැවීම සඳහා සූදානමින් සිටින අතර එම කණ්ඩායම පිටත්ව ගියේද යන්න සම්බන්ධයෙන් තවමත් කරුණු අනාවරණය වී නොමැත.

නිළධාරීන් සත් දෙනෙකුගෙන් යුක්ත මෙම කණ්ඩායම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය, අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යංශය යන ආයතනවල නිළධාරීන්ගෙන් සමන්විත වන බවයි වාර්තා වන්නේ.

මේ අතර උදයංග වීරතුංගට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කළද ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) විසින් අනුමත කර ඇත්තේ නිල් වරෙන්තුවක් පමණක් බව ද අනාවරණය වේ. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියට හැකියාව ලැබෙන්නේ ඔහු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පමණක් බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා පරිවර්තනය වෙමින් තිබෙන අතර තවමත් උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට හෝ යුක්රේනයට හෝ බාරදෙන්නේද යන්න සම්බන්ධයෙන් අබුඩාබි බලධාරීන් තීරණයක් ගෙන නොමැත. ඔහු තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් තිබෙන අතර අබුඩාබිහිදී ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර් ගැනීමේ සූදානමක් පවතින බවටද තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (06) පස්වරුවේ ප්‍රකාශ කළේ අදාල විමර්ශන කණ්ඩායම අද දිනයේදී අබුඩාබි වෙත පිටත් කර යැවීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් උද්ගත වී ඇති තත්වය මත අදාල විමර්ශන කණ්ඩායමට උදයංග වීරතුංග ලංකාව වෙත ගෙනඒමට හැකියාව ලැබේද යන්න තවමත් අවිනිශ්චිතව පවතී.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකියි. | ගින්න පාලනය කිරීමට නොහැකි තත්වයට

colombotoday

යහපාලන ආණ්ඩුව යටගහපු අල්ලස් ෆයිල් 74 මෙන්න.. කොමිසමේ අධ්‍යක්ෂවරියත් හෙරක්?

colombotoday

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

පන්සලක ඉඩමක් උකස් තබා මුදල් ගත්තා යෑයි රංජන් කී ඩීවී උපුල්ගෙන් රන්ජන්ට අභියෝගයක්

colombotoday

ශ්‍රීලනිප ඇමති පිරිසක් මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වෙන්න සූදානම්.. ආසන සංවිධායකකම් ඉල්ලයි

colombotoday