Colombo Today Local News

දයා ගමගේ, රිෂාර්ඩ් බදුර්දීන්, මලික් සමරවික්‌ක්‍රම, නවීන් දිසානායක යන අමාත්‍යවරුන්ට එරහිව අල්ලස් සහ දූෂණ චෝදනා

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාර්ඩ් බදුර්දීන්, ආර්ථික ක්‍රමඋපාය හා ජාත්‍යන්තර වෙළද ඇමති මලික් සමරවික්‌ක්‍රම සහ වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක යන ඇමතිවරුන් පිලිබදව අද (06) දහවල් 1ට පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට බලාපොරොත්තුවෙන බව එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා පවසනවා.

රන්ජිත් විතානගේ

පාලකයන් විසින් ජනතා මුදල් කොල්ල කෑම මහදවල් සිදුකරන අතර ඒ පිළිබදව ජනාධිපතිවරයාද ප්‍රකාශ කරයි. එහෙත් ජනතා මුදල් ආරක්ෂා කර ගැනීමට කිසිදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක නැත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීමට ප්‍රධානම හේතුව රජයේ දූෂණය හා වංචාව බවයි නිවේදනයක් නිකුත් කරමින් විතානගේ මහතා සඳහන් කර සිටින්නේ.

ජනාධිපතිතුමා පසුගිය දා ප්‍රකාශ කලේ රජයේ ආදායම් සමහර ඇමතිවරුන්ගේ පුද්ගලික ගිණුම් වලට බැර වන බවයි. ඒ නිසා ගම්මිරිස් ඇතුළු ප්‍රති අපනයන භාණ්ඩ කිහිපයක ප්‍රති අපනයනය නවතා දැමීමට පෙබරවාරි 10 වනදාට පසු කටයුතු කරන බවයි.
ජනතාව ඡන්දය දී ආණ්ඩුවක් පිහිටුවා බලා සිටින්නේ ඇමතිවරුන් ජනතා මුදල් සොරකම් කරනතෙක් නොවේ. ජනතාව හැටියට අප එයට එරෙහි විය යුතු බවයි එම නිවේදනය මගින් විතානගේ මහතා අවධාරණය කර සිටින්නේ.

Related posts

සූරියවැව සැකකටයුතු මරණයක්

Admin

“මම දේශපාලන ජීවියෙක්” ජීවත් වන තුරා දේශපාලනය කරනවා – ජනපති

colombotoday

නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වලකින්න | පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළිි කුණාටුවක් වන ලකුණු

colombotoday

කොරෝනා අරමුදලට දළදා මාලිගයෙන්,අස්ගිරිය සහ මල්වත්තෙන් රුපියල් කෝටි දෙකක්

colombotoday

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday

කොරියාවෙන් ආ 180ක් මඩකලපුව ශරියා නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday