Colombo Today Local News

මේ ජනාධිපති මාර කතා කියන්නේ. මේ අපේ කාලෙ හිටපු මෛත්‍රිද කියලා මට නම් හිතාගන්නවත් බැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට එක්වන්න යැයි ජනාධිපතිතුමා කළ ඉල්ලීමට රටේ ජනතාව අකැමැති නිසා තමා එය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි.
හෙතෙම මේ බව පැවැසුවේ රත්නපුර රක්වානේදී පැවැති ජනරැලියකට එක්වෙමිනි.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

එදා මැණික් ගරන්න කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒත් දැන් එහෙම බැහැ. ඒ විතරක් නෙවෙයි ජනාධිපති කියනවා ගම්මිරිස් ප්‍රති අපනයනය නවත්වනවාලු ලබන 10 වැනිදායින් පස්සේ. ඉතින් ඒක දැන්මම නවත්වලා දැම්ම නම් ඉවරයිනේ. මේ ජනාධිපති මාර කතා කියන්නේ. මේ අපේ කාලෙ හිටපු මෛත්‍රිද කියලා මට නම් හිතාගන්නවත් බැහැ.

අපි මේ රට ගොඩනැඟුවා. යුද්ධය අවසන් කළා. ගමින් ගමට සංවර්ධනය ගෙන ගියා. යුද බියෙන් තොර සංවර්ධනයෙන් යුතු රටක් මේ අලුත් වෙනසක් නිසා විනාශ වෙනවා. අපි ගත්තා වගේ දෙගුණයක් ණය අරගෙන මේ රටට කරපු දෙයක් නැහැ මේ ආණ්ඩුව.
ජනාධිපති කියනවා මහා භාණ්ඩාගාරයේ සල්ලි කැබිනට් ඇමැතිවරුන්ගේ හිතවතුන් ගාව කියලා. අපි නෙවේ කියන්නේ රටේ ජනාධිපතියි. මේ රට බේරගන්න අවශ්‍ය නම් පොහොට්ටුවට ඡන්දය දෙන්න කියලා ශ්‍රී ලනිප අයටත් එජාප අයටත් අපි කියනවා.

Related posts

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

colombotoday

මෛත්‍රීපාල අධිකරණයටත් අපහස කරලා?

Admin

පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

colombotoday

“පනතට අත තියනු එපා“ මහ නාහිමියන්ගෙන් සැරට අහගෙන බුද්ධ ශාසන ඇමති ආපසු හැරෙයි

colombotoday

අඟුලානේ නොසන්සුන්කාරි ලෙස හැසුරුණු 14ක් අත්අඩංගුවේ

colombotoday

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Admin