ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයේ හිඟව පැවැති රුධිර බහාලන බෑග් තොගයක් මෙරටට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රුධිර පාරවිලනය මධ්‍යස්ථානයට සතියකට බෑග් 8000 ක් පමණ අවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
පෙරේදා දිනයේ හිඟව පැවැති රුධිර බහාලුම් බෑග් තොගයක් ලැබුණු බව අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
එම තොගය මෙරටට ලැබී ඇත්තේ, විදේශ පරිත්‍යාගයක් ලෙසයි.
හිඟව පවතින තවත් රුධිර බහාලන බෑග් තොගයක් මැයි මාසයේ දෙවන සතිය වන විට ලැබිමට නියමිතයි.