Uncategorized

“නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා”

නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම සඳහා ජාතික සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් අතර අද (29)දින පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව ඇතිවූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (29)දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday

අවුරුදු කටේ දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

colombotoday

අයවැයට කැබිනට් අනුමැතිය

colombotoday

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකධූරය යහපාලනය කැපිල්ල දැමූ හිටපු යුධ හමුදා බුද්ධි ප්‍රධානි බ්‍රිගේඩියර් සුරේෂ් සලේට ?

colombotoday

පාර්ලිමේන්තු එන අපේ හැම මන්ත්‍රී කෙනෙක්ම වැටුප පක්ෂයට දෙනවා

Admin

පවිත්‍රාට කැපිල්ලක්

Admin