Colombo Today Local News

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

මැයි මාසය අග වනවිට පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකි වෙතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ සමාගමට මෙන්ම ලාෆ්ස් සමාගමටත් අවශය මූල්‍ය පහසුකම් ලබා දෙන බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඉන්දියානු රජයේ මැදිහත්වීම අනුව තවත් සැපයුම්කරුවන් කිහිපදෙනකු තෝරා ගැනීමටද කටයුතු සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම ලෝක බැංකුවත් අ‌මෙරිකානු ඩොලර් මිලියන 90 ක් ගෑස් මිලදී ගැනීමට ලබා දීමට නියමිතය.

එම මුදල ද ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් සතුව පවතින වෙළෙදපොළ ප්‍රමාණය අනුව බෙදාහරින බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අතර ඉදිරියේදී නාගරික ප්‍රජාවට ප්‍රමුඛතාව දී ගෑස් බෙදා හැරීම සිදු කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

ඒ, ගෑස් පාරිභෝගිකයින්ගෙන් සියයට 25 ක් නගරාසන්නව වෙසෙන ජනතාව වීම හේතුවෙනි.

මීට පෙර දෛනික ගෑස් සිලින්ඩර් 80,000 ක් වෙළෙදපොළට සැපයුවද ඉදිරියේදී එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට ද සිදුවන බව ලිට්‍රෝ සමාගම ඊයේ සදහන් කළේය.

මේ අතර ඊයේ (28) දින මෙරටට සේන්දු වූ ‍මෙට්‍රික් ටොන් 3900ක ගෑස් නෞකාවේ , ගෑස් ගොඩබෑම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

Related posts

රනිල්ට සිතාසි

colombotoday

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැදවා ප්‍රශ්න කරයි…

colombotoday

මත්ස්‍ය ආනයන වියදම් සීමා කිරීමට අංශ කිහිපයක් යටතේ සැලසුම් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

රනිල්ගේ ස්ටිකරය ඇලවූ ත්‍රීරෝද රථ හිමියන් අත්අඩංගුවට..?

Admin

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin