Colombo Today Local News

බැදුම්කර වාර්තාව පිටු හයදාහකට වැඩියි.. පාර්ලිමේන්තුවට දුන් පිටපතේ පිටු 1152යි..

පිටු හයදහසකට අධික බැඳුම්කර වාර්තාවේ, පිටු 5,000කටත් වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ජනාධිපති ලේකම්වරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රිවරු ඊයේ (24දා) කතානායකවරයාට බලකර සිටියහ.

ජනාධිපති ලේකම් තමන්ගේ වගකීම හරිහැටි ඉටුකර නැති බැවින්, ඔහු පක්ෂ නායක රැස්වීමට කැඳවිය යුතු බවත්, එහිදී මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කතානායකවරයාට දැනුම් දුන්නේය.

පිටු හයදහසකට අධික ප්‍රමාණයක් මේ බැඳුම්කර වාර්තාවේ තිබෙනවා. අපිට ලබාදීපු වාර්තාවේ තිබෙන්නේ පිටු 1,152යි. ඕනෑම නිලධාරියකු පාර්ලිමේන්තුවට කැඳවීමට කතානායකතුමාට බලයක් තියෙනවා. ඒ නිසා ජනාධිපති ලේකම්වරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන්න. කැඳවල විමසන්න යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කතානායක : ඔව්. මට බලයක් තියෙනවා. මම ජනාධිපති ලේකම්වරයා කැඳවන්නම්.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල : පිටු අඩු නම්, විවාද නෑ. පිටු අඩු නම් විවාද නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර : මම විමසීමක් කළා. මෙහි අඩුවක් තියෙනව නම් වගකීම ඔබතුමා භාරගන්නවද කියලා.
අංගසම්පූර්ණ වාර්තාවක් නොමැතිව අපි කොහොමද මේක විවාද කරන්නේ. අංගසම්පූර්ණ තොරතුරක් නැතිව අපි කොහොමද සාර්ථක විවාදයක් කරන්නේ?

ධීවර ඇමැති මහින්ද අමරවීර : බැඳුම්කර කොමිසම සම්බන්ධ සියලු වාර්තා ලබාදෙනවා. කිසිදු ආකාරයක යටපත් කිරීමකට ඉඩදෙන්නෙ නැහැ. මේ අවශ්‍ය නිලධාරීන් පක්ෂ නායක රැස්වීමට කැඳවන්න. එතකොට සියලු තොරතුරු දැනගන්න පුළුවනි. වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කරන්න අපිත් සහයෝගය දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන : මේ වාර්තාව යම් යම් අයට ලැබුණු බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. පාර්ලිමේන්තුවට ලබාදීමට පෙර, එසේ වාර්තාව ලබාදීම වැරැදියි.

මහින්ද අමරවීර : කිසිම දේශපාලනඥයකුට මේ වාර්තාව දීලා නැහැ කියල මම වගකීමෙන් කියනවා.

– Mawbima

Related posts

ලක්ෂ අටකට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත

colombotoday

නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ගම්මන්පිල , විමල්, වාසුදේව යන අය ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය නොදැක් වු පිරිසක් – අමාත්‍ය දිළුම් අමුණුගම

colombotoday

වට්ටමඩු රක්ෂිතයත් අන්තවාදීන් බිලිගනී.. ඉපැරණි නටුඹුන් සුනේ සුන්.. කැලේ පුරා ටකරන් පල්ලි !

colombotoday

සමාජ ජාල ඔස්සේ සංහිඳියාව බිඳ දමන අය සොයා පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

මහබැංකුව මහ දවාලේ කැඩුවා.. කෝටි ගණන හොරා කෑවා.. එජාපය ආණ්ඩුවේ හොද නම කෙළෙසුවා

colombotoday