Colombo Today Local News

අලුත් අගමැති කෙනෙක් පත් කර ගන්න මහින්දට ඉවත් වන්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන්නැයි ආණ්ඩුවෙන් ඉවත් වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් අගමැතිවරයා හමුවී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් දෙදෙනා ඉකුත් දිනක අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති බවද සදහන් වේ.

අගමැතිවරයා ඔවුන්ගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර,ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව අගමැතිවරයා ඔවුන්ට දැනුම් දී ඇතැයිද වාර්තාවේ.

මේ අතර, ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයන් ඉකුත් සතියේ ඉරිදා (10)දින රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී ද ,මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර, නව අගමැතිවරයකු පත්කරන්නැයි ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා ද ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

Related posts

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

පාසල් කිහිපයක ගුරුවරුන් සාරිය ගලවා පාසල් එයි

Admin

විහාරස්ථාන හදන්න විශේෂ ගිණුමක්.. ගෝඨා මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

colombotoday

ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කෙරේ

colombotoday

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday

ආදාහනය කලොත් ස්වර්ගස්ථ වෙන්න බාදාවක් නෑ | මුස්ලිම් සමාජයට අවවාදයක් දෙමින් රිෂාම් මරුෂ් කියයි.

colombotoday