එක්සත් ජාතික පක්ෂයේ ඉරණම පෙබරවාරි මස 10 වනදාට තීරණය වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ මහතා පවසයි.
තලංගම ප්රදේශයේ අද (01) පෙරවරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පළාත්පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ වෙනසක් සිදු නොවන බව ප්රකාශ කළද මෙම මැතිවරණය ජාතික වශයෙන් ඉතා වැදගත් මැතිවරණයක් බව මන්ත්රීවරයා සඳහන් කළේය.