Colombo Today Local News

සිරගත කොටින්ගේ මානව හිමිකම් කඩවුණාදැයි බලන්න ගිය UN නියෝජිතයෝ හොරෙන්ම කට උත්තරත් අරන් !

මෙරටට පැමිණ සිටි එක්‌සත් ජාතීන්ගේ පරීක්‌ෂණ කණ්‌ඩායම සිරගෙවල්වලට ගොස්‌ හිටපු කොටි ක්‍රියාකාරීන් 100 ක ගෙන් රහසිගතව කටඋත්තර ලබාගෙන ඇත.

වැලිකඩ ‘ඡේ’ සිරමැදිරි වෙත ගිය මේ පරීක්‌ෂණ කණ්‌ඩායම හිටපු කොටි ක්‍රියාකාරීන් 37 දෙනකුගෙන් ද කටඋත්තර සටහන් කරගෙන තිබේ. එහෙත් වැලිකඩ සිටින කිසිදු සිංහල සිරකරුවකු හමුවීම සඳහා මොවුන් ක්‍රියාකර නැත.

හිටපු කොටි ක්‍රියාකාරීන්ගෙන් කටඋත්තර සටහන් කර ගැනීමේදී බන්ධනාගාර නිලධාරීන්ට ඒ අසල රැඳීසිටීම ද මොවුන් විසින් තහනම් කර ඇත.

මෙම එක්‌සත් ජාතීන්ගේ පරීක්‌ෂණ කණ්‌ඩායම එහිදී අවධානය යොමුකර ඇත්තේ මිසයිල ප්‍රහාර මඟින් ගුවන්යානා විනාශ කළ සහ හමුදා නිලධාරීන් ඝාතනය කළ හිටපු කොටි ක්‍රියාකාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබේ ද යන්න විමර්ශනය කිරීමටය.

මෙයට අමතරව ඔවුන් වවුනියාවේ හමුදා කඳවුරු දැඩි පරීක්‌ෂාවට ලක්‌කර ඇත.

මේ සඳහා ආරක්‌ෂක අමාත්‍යාංශය අවසර දී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ශාලාවක ගින්නක්

Admin

සියලු රජයේ පාසල් ලබන සඳුදා සිට බදාදා දක්වා නිවාඩු…

colombotoday

ළමා අපචාරවල වැඩිවීමක්.. විමසිලිමත්ව සිටින්නැයි ඉල්ලීම්

colombotoday

ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් පොලිස් පති ඉල්ලයි

colombotoday

සහල් වෙලදාමෙන් වෙලදුන් ඉවත් වෙති?

Admin

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

Admin